Colombo Today Local News

ජනපති කාර්ය මණ්ඩලය 2500 සිට 250ට අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් !

ජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ.

මේ වනවිට ජනාධිපති කාර්යමණ්ඩලයට 2,500කට ආසන්න පිරිසක් සිටින බවට වාර්තා වේ.

එම පිරිස 250 දක්වා අඩු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී ඇත.

මෙම කාර්යමණ්ඩල සාමාජිකයන් විසින් රුපියල් බිලියන 30ක ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමට යොදවා තිබෙන අතර, මෙම ව්‍යපෘති ප්‍රමාණය අඩු කර ගැනීමට අවශ්‍ය වාර්තා තමාට ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.

මේ අතර අමාත්‍යාංශවල රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දක්වමින් අද (20දා) දිනයේදී සියලු අමත්‍යාංශ වෙත චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

Related posts

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ඇරඹෙයි

Admin

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin