Colombo Today Local News

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂ 02 හමාර දක්වා අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට ටෙලිකොම් සභාපතිවරයාට ගෙවන වැටුපට අනුව එය දැවැන්ත වැටුප් ස‍ංශෝධනයකි.

ජනාධිපතිවරණයෙන් පසුව නව රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපතිවරුන් ඉවත් කළද තවමත් ශ්‍රී ලංකා ටෙලි‍කොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය. 

ඔහුගේ වත්මන් වැටුප රුපියල් ලක්ෂ 20 ක් හෙවත් මිලියන 02 කි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට රුපියල් මිලියන 20 කට අධික මුදලක් වැටුප් හා දීමනා ‍ලෙස ටෙලිකොම් ආයතනයෙන් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ. ඒ ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මොබිටෙල් සමාගම ඇතුළු ආයතනවලින් ලබා ගන්නා දීමනා ද ඇතුළුවයි.

Related posts

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන ලෙස නම් කරන TNA යෝජනාව සම්මත වේ !

colombotoday

බන්ට් එකේ කුඩු නෝනා අත්අඩංගුවේ

colombotoday

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin