Colombo Today Local News

ජනපතිගේ නත්තල් දින පණිවුඩය

පසුගිය කාලයේ විදි වේදනාත්මක අත්දැකීම් නැවත අත්නොවිදීමට සියලු දෙනා නත්තලේදී අධිෂ්ඨාන කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උදා වූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරයක් වර්තමානයේ රට තුළ ගොඩනැගී ඇති බවයි.

එය කරුණාබර හදවත් ඇති සියලු මනුෂ්‍යන්ගේ ප්‍රාර්ථනා ඉටුවිමක් සේම දැඩි වේදනාවටත් කම්පනයටත් පත් සියළු හදවත් වලට සැනසුමක් උදාකරවන්නක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් පවසයි.

ජේසු සමිදානන්ගේ දහමින් පෝෂණය වූ සමාව දීම, මනුෂ්‍යත්වය, ආදරය ආදී වූ උත්තුංග සදූපදේශයන්ගේ ශූභාරංචිය ගම්දනව් සිසාරා පැතිර ලක්වාසී සියලුම කිතුනු ජනතාවටත්, ලෝකවාසී සැමටත් සෞභාග්‍යමත් නත්තලක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

ආගම්වාදී ත්‍රස්තවාදය නමැති අදුර දුරුකොට මාතෘ භුමියට ආරක්ෂාවත් සාමයතත් නැවත ගෙනදීමට ආණ්ඩුව ඇපකැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරයා එමගින් තවදුරටත් පෙන්වා දෙන්නේ අන්තවාදී බලවේගවලට ඉඩ නොදී තම ආගම ඇදහිමේ නිදහස භුක්ති විදිමට කිතුණු භක්තිකයින් පියවර ගත යුතු බවයි.

Related posts

අවි පුහුණුව ලැබූ තව්හිද් ත්‍රස්තයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට !

colombotoday

එජාප යේ 50ක් ගෝඨා ට එක්වෙන්න සූදානම්, නවත්ත ගත්තේ සල්ලි දීලයි – ජවිපෙ බිමල්

colombotoday

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය ඉදිරි පැය 24දී පීඩන අවපාතනයක් වෙයි

colombotoday

කන්කස්නතුරේ ජනාධිපති මන්දිරය බදු දීමේ ගිවිසුම අත්සන් කරයි

Admin

යහපාලනය එළිපිටම හොරු රකිනවා.. යහපාලන සගයන්ගෙන් චෝදනා

colombotoday

“බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන්ට කඩේ යනවා” – රන්ජන්ගෙන් භික්ෂූන් වහන්සේලාට වාග් ප්‍රහාරයක් (Video)

colombotoday