Colombo Today Local News

ජනක – ලොහාන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු ද වන හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇත.

දඹුල්ල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්.එම් යසමාන්න මහතා සහ දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති යු.ආර්. දයානන්ද සිරි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.

ලොහාන් රත්වත්ත ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු පාතදුම්බර ආසනයේ නව සංවිධායක ලෙස පාතදුම්බර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර මහතා පත්කර ඇත.

ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු වු අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකි.

මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අතර විදානගම මහතා ඉන් ඉවත්කර ඒ වෙනුවට කේ.ජි.ගුණවර්ධන මහතා පත් කර ඇත.

ඔවුනට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පිරිනැමිණි.

Related posts

IMF කොන්දේසි 08ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා

Admin

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන්න – පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

colombotoday

නව ජීවිතයක් ලබා දුන් ජනාධිපති තුමාට පුණ්‍යානුමෝදනා කරනවා | ජනපති සමාව ලැබුණු ඌවතැන්නේ සුමන හිමි

colombotoday

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin