Colombo Today Local News

ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය ‍ලබාදී තිබෙන තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සාමාජික, ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් තීරණය කර තිබේ.

මෙම පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ කරුණු හෙට (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.

අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයක් අභියෝගයට ලක්කිරීමට දින 42ක කාලයක් තිබෙන බවත්, එම අවස්ථාව යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු අද (07දා) දිනයේදී දැනුම්දෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන බැවින් එම කරුණු අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin

අඟුලාන හුදෙකලා කරයි

colombotoday

කීරි සම්බා 50කින්, සම්බා-නාඩු 15කින් යළි ඉහළ දමයි

colombotoday