World

ගතවු පැය24 දී ස්පාඤ්ඤයේ කෙරෝනා මරණ 838 ක්

කොරෝනා වයිරසය හේතුවෙන් ගෙවීගිය පැය 24 දී ස්පාඤ්ඤයේ මරණ 838ක් සිදුව ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (29) වාර්තා කළේය.
 
ඒ අනුව ඊයේ පස්වරු 4 වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 6,528ක් විය.
 
එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 78,797ක් දක්වා ඉහළ ගොස් ඇත. දිනක් ඇතුළත ආසාදිතයන්ගේ ගණන සියයට 9.1කින් ඉහළ ගොස් ඇත.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි.
 
AFP

Related posts

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වෙයි.

colombotoday

රොහින්ග්‍යා ත්‍රස්තවාදීන් ගැන ඇත්ත, ලොවට කියන්න ගිය මියන්මාර් සුරූපිණියට වෙච්ච දේ (Video)

colombotoday

කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50 දෙනෙක් මරුට

colombotoday

අමෙරිකාවේ බන්ධනාගාර තුළ කොරෝනා පැතිරෙයි

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday