29 April 2025
Colombo Today Local News

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

කොරෝනා වසංගතයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන  තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (28) දිනයේ සිට ලබන මස 10 වන දින දක්වා අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට කුරුණෑගල නීතිඥ සංගමය තීරණය කර ඇත.

කුරුණෑගල නීතිඥ සංගමය විසින් ගනු ලැබූ මෙම තීරණය කුරුණෑගල නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ පියුමාල් හේරත් මහතා විසින් කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරුවරයාට සහ ඒ යටතේ වන සෙසු අධිකරණ වල විනිසුරුවරුන්ට හා වයඹ පළාත්බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයාටද ලිපි මඟින් අද දැනුම් දී ඇත . 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල  මහාධිකරණ සංකීර්ණය , මහේස්ත්‍රාත් අධිකරණ හා වයඹ පළාත් සිවිල් අභියාචන මහාධිකරණය , පොල්ගහවෙල , රම්බඩගල්ල , පිලැස්ස , මහව , නිකවැරටිය , වාරියපොල , කුලියාපිටිය  යන මහේස්ත්‍රාත් අධිකරණ තාවකාලිකව වසා දැමීමට මැදිහත් වන ලෙස කුරුණෑගල නීතිඥ සංගමය විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ඊයේ (26) දිනයේ ඉල්ලීමක්ද කර තිබුණි .

තවද පොල්ගහවෙල , වාරියපොළ  ප්‍රදේශ මේ වන විට දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර අලව්ව , පොල්ගහවෙල සහ වාරියපොළ පොලිස් බල ප්‍රදේශ වලින් හමුවූ රෝගය ආසාදනය වූ තැනැත්තන් හා ගැවසුණු පුද්ගලයන් නිසි පරිදි අනාවරණය කර ගන්නා තුරු මෙම අධිකරණද ඉහළ අවදානමක් පවතින අධිකරණ ලෙස පියුමාල් හේරත් මහතා එමගින් පෙන්වා දී ඇත.

මෙම ඉල්ලීමට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට දිනයේ සිට මෙසේ තාවකාලිකව නඩු කටයුතු වලින් ඉවත් වීමට තීරණය කළ බව පියුමාල් හේරත් මහතා සඳහන් කළේය .

මෙසේ කඩු කටයුතු වලින් ඉවත් වීමෙන් පසුව ඉහත අධිකරණ වල ඇති තම නඩු කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තම නීතිඥවරුන් අමතා ලබා ගන්නා ලෙසද නීතිඥ පියුමාල් හේරත් මහතා මහජනතාව දන්වා සිටියි .

Related posts

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday

මහ බැංකුව පොලී අනුපාතිකය අඩුකරයි

Admin

PHIලාගේ වර්ජනයට PHFOද සහයට

colombotoday

විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වැසෙයි

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin

ජාතික දින සැමරුමට එළිසබෙත් මහ රැජිණ ඇතුළු ලොව රාජ්‍ය නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම්

colombotoday