Colombo Today Local News

කිරිඇල්ලගේ දියණියගේ ලිපියකින් මාර්ග සංවර්ධන අධිකාරියට 45 ක් සේවයට අරන්- ජනාධිපති කොමිසමේදී හෙළි වෙයි

මාර්ග සංවර්ධන අධිකාරියට මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනකු බඳවා ගැනීම එහි ඇමැතිවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම්වරිය ලෙසද කටයුතු කළ අධිනීතිඥ චමින්දානි කිරිඇල්ල මහත්මිය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක් අනුව පාරිශුද්ධ භාවයෙන් තොරව සිද්ධ වී ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ (12දා) හෙළි විය.

ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගවිනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව රැස්වූ අතර එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරියකු විසින් සාක්ෂි ලබාදුන් අතර එහිදී වැඩිදුරටත් මෙම තොරතුරු අනාවරණය විය.

එම මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනා රු. 25,000 ක මාසික වැටුපකට බඳවාගෙන ඇති අතර ඒ සඳහා මසකට රු. 11,25,000 බැගින් වසරක කාලයක් සඳහා රුපියල් 1,35,00,000 ක මුදලක් මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිවැයෙන් ගෙවා ඇත.

මෙම නිලධාරීන් බඳවා ගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස 8 වසර සමත්වීම සහ සන්නිවේදන හැකියාව සලකා බලා ඇති අතර, එම සුදුසුකම් සලකා බැලීමෙන් අනතුරුව බඳවා ගත් නිලධාරීන් 45 දෙනා අතරින් පළමුවෙනියාට නම සඳහන් වන ඞී. ජී. උපාලි මහතාගේ පෞද්ගලික ලිපි ගොනුවේ වෙනත් සුදුසුකම් යටතේ උඩ පළාත් ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ බව සඳහන් කර ඇත. කොමිෂන් සභාව හමුවේ තවදුරටත් හෙළිදරව් වූයේ තනතුරු ලබාගත් 45 දෙනාම ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් බවයි.

එමෙන්ම එම නිලධාරීන් 45 දෙනා මාර්ග සංවර්ධන අධිකාරියෙන් වැටුප් ලැබුවත් ඔවුන් සේවයට වාර්තා කළ යුතු ස්ථානයක් නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු නිලධාරියකු විසින් ඔවුන් අධීක්ෂණය කර නොමැති බවත් එම කොමිෂන් සභාවේදී හෙළි විය.

Related posts

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

colombotoday

දිස්ත්‍රික්ක හතරක විශේෂිත පිළිකා රෝහල් හදන්න ජනපතිගෙන් උපදෙස්

Admin

සරසවි සිසුවියක් සියදිවි නසාගනී

Admin

සූරියවැව කොල්ලන් හෙල්ලූ සජිත්ගේ ඩ්‍රම්ස් ගැහිල්ල මෙන්න (Video)

colombotoday

නිරෝධායන නීතී උල්ලංඝනය කල ආයතන 1050කට නඩු.

colombotoday

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

Admin