Colombo Today Local News

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසර අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ඇරඹීමට තීරණයක්

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව විද්‍යා, වාණිජ, කළමනාකරණ හා තාක්ෂණ පීඨවල සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

නේවාසික පහසුකම් ලබාදී ඇති එම පීඨවල සිව්වන වසරේ සිසුන් පමණක් ලබන 12 වනදා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලසීමාව තුළ නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු වේ.

කෙසේවෙතත් නේවාසික පහසුකම් ඇති සිසුන් නේවාසිකාගාරවල නතර වීම මෙම අවස්ථාවේදී අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් නිවසේ සිට පැමිණිය හැකි බව ද කැලණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.

Related posts

පොලිස් ලොක්කන්ට තොරණ සංග්‍රහ තහනම් – නියෝග නොතකන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර

Admin

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

Admin

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

colombotoday