Colombo Today Local News

කැලණියේ CCTV ගැලවූ සිසුන් 30කගේ දෙවසරක ශිෂ්‍යභාවය අහෝසි කරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ ඊයේ (26 වැනිදා) පැවසීය. මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන් දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමකට ලක් කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.

මෙලෙස සිසුන් හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව මෙන්ම සීසීටීවී කැමරා සටහන් අනුවය.එම සිසුන් සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලන අංශ පියවර ගනිමින් සිටියි.

මාර්තු මස 9 වැනිදා නවක සිසුසිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම සැලසුම් කඩකප්පල් කර වත්මන් උප කුලපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ උත්සාහයක් මෙම සිද්ධිය පිටුපස ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.දැනට පුරප්පාඩු වී පවතින උපකුලපති ධුරය ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරතව සිටින පිරිසක් සිසුන් පොලඹවන්නට ඇතැයි ද පරිපාලන අංශ සැක පළ කරයි.

මෙම සී.සී.ටී.වී. ගලවා ඉවත් කර ඇත්තේ ඉකුත් 24 වැනිදා සවසය. විශ්වවිද්‍යාලයට මෙම කැමරා පද්ධතිය සවි කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. එම කැමරා ඉවත් කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය පරිපාලන අංශවලින් වරින් වර ඉල්ලීම් කළ නමුත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට අවශ්‍ය හෙයින් එම කැමරා ඉවත් කිරීම පරිපාලන අංශ ප්‍රතික්ෂේප කර තිබිණි.

Related posts

සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?

Admin

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවියකට දිවි අහිමි වෙයි

Admin

චම්පික රණවක වෙනුවෙන් රිෂාඩ් බදුර්දීනුත් අධිකරණයට

colombotoday

බුද්ධි අංශ පාවා දෙනවා… ජාතික ආරක්ෂාව තහවුරු කරනවයි කියා ජනපති පූච්චානම් කියවනවා… මේ විදිහට ජාතික ආරක්ෂව සුරක්ෂිත කරන්නේ කොහොමද?

colombotoday