ජාතිවාදී ප්‍රකාශවලට රැවටී නැවත ත්‍රස්තවාදය මතුවුවහොත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් අතුරු සම්මත ගිණුම් මෙන් දහස් ගණනක් මුදල් යෙදවීමට සිදුවේවි යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
“කවුරුන් හෝ සාමය කඩ කරලා නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම්, වෛරී සහගත ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිරුවත අප පෙන්වා දිය යුතුයි. මොකද මේ ප්‍රකාශවලට රැවටිලා නැවත ත්‍රස්තවාදය හිස එසෙව්වොත් අතුරු සම්මත ගිණුම වගේ දහස් ගණනක් මුදල් යොදවන්න වෙයි.
මංගල සභාව ආරම්භ වූ දවසේ එක්තරා පක්ෂයක නායකයෙක් උසස් ජාතියේ භාෂාවක් කතා කරන බව කියා සිටියා. ඉතිහාසය ගැන කරුණු නොදැනීම සම්බන්ධයෙන් අප කනගාටු වෙනවා. එක් භාෂාවක් තවත් භාෂාවකට වඩා උසස් වෙන්නේ නැහැ.”