කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාර දුන් බව ප්‍රකාශ කරන නොවැම්බර් 14 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා අස්වීමේ තීරණයට හේතුව ඉදිරිපත් කරන බවද සදහන් කරයි.
කරුණා අම්මාන් ශ්‍රීලනිපයෙන් ඉවත් වී ආන්න්ද සංගරි මහතාගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.