Colombo Today Local News

කන වැසෙන සේ හිජාබය ඇදීමට අවසර දී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජනපති කීවා…

මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ කන පෙනෙන සේ හිජාබය පැලඳිය යුතුයැයි දක්වා තිබුණු බවත්,ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් මතුවූ ඉල්ලීම සලකා බලා කන වැසෙන සේ හිජාබය පැළඳීමට අවසර ලබාදෙමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් මේ දක්වා එම ගැසට් නිවේදනය තමන් නොදුටු බවද ඒ මහතා අවධාරණය කළේය. පරීක්ෂා කිරීම්වලට හා මෙහෙයුම්වලට පැමිණෙන ආරක්ෂක අංශ ඉල්ලීමක් කළහොත්හි ජාබය ඉවත් කර එම පරීක්ෂණවලට සහාය ලබාදීමට මුස්ලිම් කාන්තාවන් සූදානමින් සිටින බවද හලීම් මහතා පැවසීය.

Related posts

FCID වහන්නලු.. මෙහෙම ගියොත් අධිකරණයත් වහන්න කියයි – බුද්ධික පතිරණ

colombotoday

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7ක් රෝහලේ…

Admin

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවේ

colombotoday