තොරතුරකට අනුව අකුරණ නගරයේ අද සෝදිසි කිරීමකදී පල්ලිය අසල නිවසක තිබී කඩු, හමුදා නිළ ඇදුමට සමාන කැමි ඇදුම්, සහ තව්හිද් ජමාත් සංවිධානයේ පොස්ටර් තොගයක් සහ වාහන අංක තහඩුද සොයා ගැණිනි.
ඒ අතර ශ්රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ නමින් වූ මුදල් කුවිතාන්සියක්ද හමුවී ඇත. මෙම ආයුද තොගය සමග තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සමයේ ‘බුදුන් වහන්සේට අපහාස කල‘ අබ්දුල් රාසික්දීන් නමැත්තා මෙම සංවිධානයේ නායකත්වය දරන අතර, එම සංවිධානයට අයත් දවුලගල කාර්යාලයේ තිබී පැට්රල් බෝම්බ තොගයක්ද පසුගියදා සොයා ගැණිනි.