Colombo Today Local News

ඖෂධ වංචාවේ ලොක්කා අංගොඩට.කෙහෙළියත් පූර්ණ අංග-විලකල වෙන්න ආසන්නයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටන පළමු සැකකරු ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරයේ නොතබා අංගොඩ මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කරන ලෙසට ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට (29) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය එම නියෝගය ප්‍රකාශ කළේ පළමු සැකකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා සැකකරු බන්ධනාගාරගතව සිටින හේතුව නිසා ඔහු විශාදයෙන් මේ වන විට පෙළෙන බවත් එම නිසා ඔහු සියදිවි හානිකරගත හැකි බවටත් අධිකරණය වෙත පෙන්වා දීමෙන් අනතුරුවයි. ඒ අනුව එම නීතිඥවරයා සැකකරු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන් අධිකරණය වෙත කැඳවා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිය දිවි නසා ගැනීමට ආසන්න අවස්ථාවකදී ඔවුන් හට ප්‍රතිකාර සිදුකරන්නේ කෙසේද යන්න විමසූ අතර ඒ අනුව මෙසෙ අංගොඩ මානසික රෝහල වෙත මෙම සැකකරුද යොමු කරන ලෙස ද නියෝග කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට නිසි ප්‍රතිකාර නොකළොත් පුර්ණ අංගවිකලතාවයකට පත්විය හැකි බවට ද අධිකරණය ඉදිරියේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටි අතර ඒ අනුව ඔහුට ඇප ලබා දෙන ලෙසට ද අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේය. මහේස්ත්‍රාත්වරිය එය ප්‍රතික්ෂේප කරමින් ඔහුව වෛද්‍ය මණ්ඩලයට යොමු කර ඇති බැවින් එම වාර්තා ලැබුණු පසු ඇප ලබා දීම සඳහා ඉල්ලිම සලකා බලන බවට තීරණය කළාය.

Related posts

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

අද කාලගුණය

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

විදුලි අර්බුදය දින දහයකින් නිමයි…

colombotoday

මුදල් ඇමැති රවීගේ අලු‍ත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

colombotoday

තවත් ශ්‍රී ලංකන් යානා දෙකක් පාකිස්ථානයට විකුණා දමයි !

colombotoday