Colombo Today Local News

ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ කිරි ගවයන්ට භයානක ලෙඩ දෙකක්… බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් හෙළිකරයි… මිනිසුන්ටත් බෝවීමේ අවදානමක්…

ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ කිරි ගවයන් 5000න් සෑහෙන සංඛ්‍යාවකට බරපතළ රෝග දෙකක් වැලඳී ඇති බවත් එය මිනිසුන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ශීඝ්‍රයෙන් බෝවීමේ ඇති ඉඩකඩ වැඩි බවත් බි්‍රතාන්‍ය පර්යේෂණ ආයතනයක් වන (ඩ්අඹ්) තහවුරු කර තිබේ.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවැසුවේ ඕඍච් (බෝවින් වයිරල් ඩයරියා) හා අක්මා ආසාදනයක් වන ෆැසියේලා හෙපටිකා යන රෝග දෙකෙන් දැනට ගවයන් 200ක් පමණ මිය ගොස් ඇති බවයි.

මේ කිරිදෙනුන්ට එවැනි බරපතළ රෝග වැලඳී ඇතැයි පර්යේෂණ මඟින් තහවුරු කර තිබියදීත් රජය නැවත ඩොලර් මිලියන 8.3ක් වැය කර, කිරිදෙනුන් ගෙන්වීමට ගිවිසුම් ගසා ඇති කිරි ගවයන් 20,000කින් තවත් 2,500ක් ගෙන්වීමට කටයුතු යොදා ඇති බව කරුණාරත්න මහතා හෙළි කළේය.

මෙසේ ගෙන්වන ලද එක් ගවයකුට දරා ඇති වියදම රුපියල් ලක්ෂ 5කට ආසන්නය. කරුණාරත්න මහතා පැවසුවේ එසේ ගෙන්වන ගවයන් දින 45ක් පශු වෛද්‍යපර්යේෂණ ආයතනය විසින් නිරෝධායනයට ලක් කර එම වාර්තාව විගණකාධිපතිට ලබාදී තිබෙන බවත් එහිදී මෙම රෝග පිළිබඳ අනාවරණය වූ බවත්ය.

ඒ අනුව නැවත පර්යේෂණ සඳහා එම ගවයන්ගේ කොටස් බි්‍රතාන්‍යයේ ඩ්ධතතර පඥටඥපඥදජඥ ඹ්චඡධබචපචබර ආයතනයට යවා ඇති අතර, එහිදී තවදුරටත් මෙය තහවුරු වූ බවද ඒ මහතා පැවැසීය. කෙසේ නමුත් මෙම රෝගයට ගොදුරු වූ ගවයන් සම්පූර්ණයෙන් විනාශ කළ යුතු බවට එම පර්යේෂකයන් දන්වා තිබේ.

අදාළ ලියකියැවිලි තමා සතුව ඇති බව පවසන හෙතෙම තවදුරටත් අවධාරණය කළේ, මිනිසුන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට වේගයෙන් බෝවිය හැකි, එමෙන්ම ලංකාවට ආවේණික නොවූ ෆැසියේලා හෙපටිකා නම් රෝගය පිළිබඳවත්, එම රෝගවලින් තම සතුන් ආරක්ෂා කළ යුතු ආකාරය පිළිබඳවත් ගොවීන් දැනුවත් කරන ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ආණ්ඩුවේ වගකීම බවය. ඔහු වැඩිදුරටත් පැවසුවේ නැවත ගෙන්වීමට සූදානම් ගවයන් ආනයනය කරන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් බවය.

Related posts

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

“එජාපයයි, ශ්‍රීලනිපයයි අයියයි මල්ලියි වගේ.. අපි දැන් එකට වැඩ” – සජිත්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කරන්න ICCයෙන් තීරණයක්

Admin

යහපාලන ආණ්ඩුව කල හොද වැඩේ නිසා කොරෝනාවෙන් රට බේරගත්තේ ජනපති නොවේ මැතිවරණ කොමිසමයි

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නිදහස්

colombotoday

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday