Colombo Today Local News

ඔස්ට්‍රේලියාවටත් වඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබෙනවා. තවත් අලුත් ක්‍රීඩාංගන ඕනි නෑ – අර්ජුණ රණතුංග කියයි

විශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කිරීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ සංවර්ධනයට යෙදවීම යෝග්‍ය බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවැසීය.

‘‘අපේ රටේ ඇතිවෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තියෙනවා. ඒවායින් ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද අත්හැරලා. අප කළ යුත්තේ එවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලැසුම් සකස් කිරීම මිසක් අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සෑදීමට අති විශාල මුදලක් වැය කිරීම නොවෙයි.

අපේ රටේ දැනටමත් ඔස්ට්‍රේලියාවටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණයක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නව ඇති.’’ යැයි ද අර්ජුන රණතුංග සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක් වූ අර්ජුන රණතුංග මෙසේද කීවේය.

‘‘අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම පාසල්වල ක්‍රීඩාංගණ දියුණු කිරීමට මෙන්ම පාසල් ක්‍රීඩකයන්ට අවශ්‍ය ක්‍රිකට් උපකරණ ලබා දීමට අපේ අවධානය යොමු විය යුතුයි. පිති තුනකින් පමණක් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් කොළඹ පවා තිබෙනවා. පිට පළාත්වල දී මේ තත්ත්වය තවත් බරපතළයි. සනත් ජයසූරියලා, මුත්තයියා මුරලිදරන්ලා ඉන්නේ පිට පළාත්වල. දේශපාලනඥයන් සතුටු කරමින් අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවාට වඩා දක්ෂයන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට අපි උදව් කළ යුතුයි.

ගණන් කරලා බලන්න සමහර ක්‍රීඩාංගණවල වසරකට තරග කීයද පැවැත්වෙන්නේ කියලා. පසුගිය වසර තුනේදීම හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළේ එකම තරගයක් විතරයි. ඒ වගේම පසුගිය වසර තුනේදීම දඹුල්ල ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර තරග පවත්වා නැහැ. අපිට දැනටමත් තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල වසරකට එක තරගයක්වත් පවත්වා නැත්නම් තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමේ තියෙන ප්‍රයෝජනය මොකක්ද? කිසිම ප්‍රයෝජනයක් නැහැ. මේවා කරන්නේ දේශපාලනඥයන් සතුටු කරන්න.

ඒ වගේම මේ ක්‍රීඩාංගණය හදනවා කියලා ප්‍රකාශ කළ අවස්ථාව එවැන්නකට සුදුසු වේලාවක් නෙමෙයි. අද නව කොරෝනා වෛරස් වසංගතය නිසා අපේ රටේ බොහෝ දෙනා පීඩාවට පත් වෙලා තියෙනවා.

ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න ඇමරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරන්න හදනවා. මේක මෝඩ වැඩක්. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මෝඩ වැඩේ නතර කරන්න අවධානය යොමු කරයි කියලා.’’

Related posts

සිංහල නමකින් පෙනී සිටිමින් ජාතිවාදය ඇවිලවූ මුස්ලිම් සිසුවා රිමාන්ඩ්

colombotoday

ඉරාජ් වීරරත්න, රහත් වුනායැයි කියන සිරිධම්ම හිමිගේ ගෝලයෙක් ?

colombotoday

COVID -19 එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

colombotoday

පොලිස් ලොක්කන්ගේ අතයට ගනුදෙණු නිසා රට ගිනි ඇවිළෙන හැටි !!

colombotoday

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු සිව්දෙනෙක්

colombotoday

ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමක්

colombotoday