යුද අපරාධ හා මානවහිමිකම් උල්ලංඝණය කිරීම් උතුරේත් දකුණෙත් සිදුවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
විදේශ අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වෙමින් ජවිපෙ බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිලිබදව සොයාබැලීමට සහ කටයුතු කිරීමට ජාත්‍යන්තර සංවිධානවලට අයිතියක් ඇති බවද එය රටේ ස්වෛරීත්වයට හානි නොවන අයුරින් සිදුවිය යුතු බවද හෙතෙම කියා සිටියේ ය.