Colombo Today Local News

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

ඉරිදා  සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් සහ හින්දු ආගමික අමාත්‍යවරුන්  එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා කොළඹදී පැවැසීය.

ශිෂ්‍යත්වය, අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාග සඳහා දහම් පාසල් සහතිකය මගින් ලකුණු හිමි වන පරිදි  කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා සිදුකර ඇති බව පැවසූ ජයවික‍්‍රම පෙරේරා  මහතා ඒ අනුව ඉහත විභාගයන් සඳහා ලකුණු 10 බැගින් ප‍්‍රදානය කරන බවද සඳහන් කළේය.

ඉරිදා දිනවල පස්වරු දෙක දක්වා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට  මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

මහින්දානන්දට කොන්දක් නැහැ…. මාව විවේචනය කරන්නේ අත්දෙකේම ලේ තැවරුණු අය…

colombotoday

සිංහල නම්වලින් පෙනී සිටිමින් මුස්ලිම් පල්ලියකට පහරදීමට සැලසුම්කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අල්ලයි…

colombotoday

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5ගෙන් වන්දි අයකර ගැනීමට නියෝග

Admin

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin