Colombo Today Local News

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 65කට ආසන්න ප්‍රමාණයක් සමග ඊයේ (25)දින සවස ඉපලෝගම පොලීසිය හා යුදහමුදා බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 26,28,32 වයස්වල පසුවන මොවුන් ඉපලෝගම,සේනපුර සහ මහමීගස්වැව පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය පවසයි.

ඉන් එක් අයෙක් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් අද (26)දින කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කොකේන් සහ මත් පෙති සමග තරුණයෙක් දැලේ

Admin

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

ඊයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ එකහමාරක් වැඩට ගිහින් නෑ…

colombotoday

රට පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

PCR පරීක්ෂණ සිදු කළ හැකි අධිතාක්ෂණික රසායනාගාර 5 ක්

colombotoday