Colombo Today Local News

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

සියවස් ගණනක් පැරණි මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය නව යෝජනාවක් සම්මත කරගත්තේය.

“තලාක්” යනුවෙන් අඛණ්ඩව තෙවරක් පැවැසීමෙන් මුස්ලිම් වැසියන්ට සිය බිරිඳ දික්කසාද කළ හැකි එම නීතිය අපරාධ වරදක් බවට පත් කරමින් එම පනත සම්මත කරගෙන තිබේ.

“තලාක්” යනු අරාබි බසින් දික්කසාදය වන අතර වාර්ගික කරුණුවලට රජය මැදිහත් වීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව තුළ විවාදයක් ඇතිවී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පරිපාලනය හින්දු ජාතිකවාදී ස්වරූපයක් ගන්නා අතර ආගමික හා වාර්ගික කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත් වීම විවේචනයට ලක්ව තිබේ. 

ඉන්දීය පාර්ලිමේන්තුවේ දී සම්මතවූ මෙම යෝජනාව නීතියක් බවට පත්වීමට අවශ්‍යව ඇත්තේ එරට ජනාධිපතිවරයාගේ අත්සන පමණි.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ද අදාළ යෝජනාව අනුමත කළ අතර ‘තලාක්’ යනුවෙන් පවසා බිරිඳ දික්කසාද කරන මුස්ලිම් පුරුෂයන්ට මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව එසේ කරන්නන් වසර තුනක සිර දඬුවමකට සහ දඩයකට යටත්වනු ඇත. 

“තලාක්” යනුවෙන් පවසා දික්කසාද කිරීම ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ මීට වසර දෙකකට ඉහතදීය

Related posts

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday

වසර තුනක සිරදඬුවම් නියම වූ හිරුණිකාට සති තුනකට පසු ඇප

Admin

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin

ඇඹිලිපිටිය කැළඹෙයි… කළු කොඩි ඔසවා ජනතාව වීදි බසී !

colombotoday

කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ඇරඹීමට පියවර

colombotoday