Colombo Today Local News

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 අද (23) සවස දිවයිනට පැමිණීමට නියමිතයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන ඒමේ රජයේ වැඩ පිළිවෙල යටතේ පළමු කණ්ඩායම පෙරේදා (21) සවස දිවයිනට පැමිණියහ. ඒ අනුව පාකිස්ථානයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය හැදෑරූ හා පුහුණු කටයුතු සදහා පාකිස්ථානයට ගිය 113 දෙනෙකු දිවයිනට පැමිණියේය.

ඉන්දියාවේ පන්ජාබි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වල සිටින ළමුන් 102 දිවයිනට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගෙමේ UL 146 ගුවන් යානය යොදවා තිබේ. මීට අමතරව අප්‍රියෙල් 24 වන දින UL 194 ගුවන් යානය කොයිම්බතුර් සිට ශ්‍රී ලාංකිකයන් 117 දෙනෙක් ද UL 1425 කත්මන්ඩු සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙක්ද දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා තිබේ.

Related posts

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

නුවරඑළියේ නිවසකින් වෙඩි වැදී මිය ගිය අඹු සැමි යුවළක් හමු වෙයි

Admin

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday

ගංවතුර ගැටළුවට ලබන වසරේ විසඳුම්

Admin

බැඳුම්කර මගඩිය වහගන්න අර්ජුන් මහේන්ද්‍රන් තවත් යටිකූට්ටු මගඩියක

colombotoday

ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බිලියන 6ට මොකද වුණේ?

colombotoday