Colombo Today Local News

ඉන්දියාවෙන් වව්නියාවට පැමිණි පිරිසක් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක

1980 හා 1990 වසරවලදී පැවති යුද්දය හේතුවෙන් ඉන්දියාවට ගොස් සාමය ලැබීමත් සමග වව්නියාවට පැමිණ නැවත පදිංචි වූ පවුල් කිහිපයක් විසින් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.

වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කාන්චූර මොට්ටෙයි ගම්මනායේ නැවත පදිංචි වූ වැසියන් විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කොට ඇත්තේ තමන්ගේ මුල් ඉඩම් වහාම තමන්ට ලබා දෙන ලෙසටත් තමන් නැවත පදිංචි වීමෙන් පසුව මේ වන විට පවතින ඉඩම් ගැටලු හේතුවෙන් දැඩි පීඩාවන්ට පත්ව සිටිනා බවටත්ය.

එහිදී එම වැසියන් වැඩි දුරටත් පවසා සිටින්නේ වසර 30 කටත් අධික කාලයකට පසුව යුද්දය හේතුවෙන් ආරක්ෂාවට ඉන්දියාවට ගොස් මුල් ඉඩමට පැමිණි පවුල් 38 කට පමණ මේ වන විට ඉඩම් නොලැබීමේ අවධානමක් පවතින බවටත් එම ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයති ඉඩම් බවට අදාල නිලධාරීන් පැවසීමත් සමග මෙම ගැටලුව ඇතිව තිබෙන බවටත්ය.

අනතුරුව සත්‍යග්‍රහය පවතින ස්ථානයට වව්නායාව උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් හා වව්නියාව උතුර ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම වනසංරක්ෂණ නිලධාරීන්ද පැමිණ සාකච්ඡාවක් සිදුකල අතර එහිදී වන සංරක්ෂණ නිලධාරීන් පවසා ඇත්තේ අදාල ඉඩම් වෙනුවෙන් මේ වන විට නිසි හිමිකාරීත්වයක් පැවසීමට එම පදිංචි කරුවන් අපොහොසත් වී ඇති අතරම එම ඉඩම් පළමුව හඳුනාගැනීම සිදු කල යුතු බවටත් හඳුනාගැනීමේ ක්‍රියාවලියක් සිදු කොට අදාල ඉඩම් නිසි අයිතිකරුවන් වෙතට ලබා දීම විධිමත් බවටත්ය.

-lanka c news

Related posts

සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!

colombotoday

ජනාධිපතිගේ සෑම පත්කිරීමක්ම අවුල් සහගතයි

Admin

ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිට ඇපමත මුදාහරී !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

colombotoday

මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

Admin

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday