Colombo Today Local News

ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුදෙකක් ගොනුකිරීමත් සමග ඇමෙරිකානු නීති පද්ධතිය කෙසේ ක්‍රියාත්මක වේද යන ප්‍රශ්නය ගැන අවධානය යොමුව තිබේ.

මින් එක් නඩුවක් ‘ද සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර ඇති අතර, අනෙක් නඩුව කැනඩාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය විසින් ගොනුකර ඇත.

ඇමෙරිකානු පුරවැසිභාවය හිමි අයෙකු වූ රාජපක්ෂ මහතා එම පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත 2019 මාර්තු මස 06 වැනිදා ඇමෙරිකානු රජයට යොමු කර තිබේ. එහෙත් ඔහු ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළේද නැද්ද යන්න ගැන ගෝඨාභය රාපක්ෂ මහතාට මෙතෙක් දැනුම් දීමක් කර නැත.

ඇමෙරිකාව මීට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයන් විදේශයන් හිදි සිදු කළ හෝ සිදු කළේ යැයි කියන කරුණු සම්බන්බන්ධයෙන් තම පුරවැසියන්ට දඩුවම් දුන් අවස්ථා ඉතිහාසයෙන් සොයාගත නොහැකි තරම් විරල බව නීති විශාරදයන්ගේ මතයයි.

විදේශයන් හි ඇති ඇමෙරිකානු දේපොළ වලට හානි කළ හෝ ඇමෙරිකානු වැසියන් හානි කළ පුද්ගලයන්ට විරුද්ධව ඇමෙරිකාව ක්‍රියාමාර්ග ගෙන ඇතත් තම රටේ පුරවැසියන් විදේශයන් හි සිදු කරන හෝ සිදු කළා යැයි කියන ක්‍රියා සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි තීරණවලට එළැඹ නැත. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නැත්නම් ඔහුට ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස වැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇත.

එහෙත් යම් හෙයකින් මාර්තු 06 වැනිදා යොමු කළ අයදුම්පත්‍රයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි කර ඇත්නම් ඔහුට මෙම නඩුවේ දී ඇමෙරිකානු පුරවැසියෙකුට ලැබෙන වරප්‍රසාද නොලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අනුව ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත් කළේද නැද්ද යන්න මත රජපක්ෂ මහතාට එරෙහි නඩුවේ දී රාජපක්ෂ මහතාට ඇති වාසිය තීරණය වනු ඇත.

Related posts

ඇමති මලික් එජාප රැස්වීමට බලෙන් පැනලා… පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

colombotoday

සෞඛ්‍ය රීති කඩකල ආයතන පරිපාලකයින් 1,223කට නඩු

colombotoday

වසර 10ක් පවත්වාගෙන ගිය හොර වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලයි

Admin

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන්න නවසීලන්තය එකඟයි

Admin

සම්මුතිය අවසන්.. ශ්‍රීලනිප ඇමතිවරු 18ක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණය කරයි !

colombotoday