Colombo Today Local News

ඇඳිරි නීතිය වෙලාවේ පැවති “ලව්වාගේ ෆේස්බුක් සාදය” වටලා 12 ක් අත්අඩංගුවට ගනියි

කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පිය පුතු දෙපලක විසින් සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු කලුතර දිසා දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22-42 අතර වියෙහි පසුවන කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මෙහි ප්‍රධාන සංවිධායක ලව්වා නැමති ප්‍රධාන සැකකරු සිය පුතා යොදවා මෙම සාදය තුල මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙලිවී තිඛේ.

සැකකරුවන් සතුව තිබී මත් පෙති අයිස්හෙරොයින් කේ ජී නැමති මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි.

කලුතර දිසා දුසණ මර්දන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් කෝරාලගේ පොලිස් සැරයන් සුසිල් 45783 විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

colombotoday

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

ජනපතිගෙ රතු වෙච්ච මූණ බලන්න ආසයි…

colombotoday

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

colombotoday

නවීන කෘෂි තාක්ෂණය ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක්..

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කල තවත් 646 ක් අත්අඩංගුවට

colombotoday