Colombo Today Local News

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපති මුදිත විදානපතිරණ මහතා පැවසීය. 

මෙවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වූ සැනින් අදාළ පොලිස් ස්ථානවලට හා ළමා ආරක්ෂක නිලධාරින්ට දැනුම් දෙන බවත්, ඔබ ප්‍රදේශයේ එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු දන්නේ නම් 1923 හා 1929 යන දුරකථන අංක අමතා එම තොරතුරු ලබා දෙන ලෙසද සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ළමා  හිංසනය කරන්නේ බොහෝ වෙලාවට අපි දන්න හඳුනන අය. භාරකරුවන්, නෑදෑයින් වැනි අය. ඇඳිරිනීතිය දාපු නිසා අපයෝජකයන් හා වින්දිතයන් ඉන්නේ එකම ගෘහයක් තුළ. 33%කින් ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වැඩිවෙලා තියෙනවා. ඇඳිරිනීතිය දාන්න පෙර තිබුණේ 10%ක් විතර. මහජනතාව සහා දෙමව්පියන් දැනුවත් කළ යුතුයි මේ ගැන. දෙමව්පියන් කියන්නේ මේ සමාජයේ විශේෂිත අය. ඒ වගේම දරුවෝ කියන්නේ අපි රැක බලා ගත යුතු පිරිසක්. තමන්ගේ දරුවෝ ගැන වගේම අවට දරුවෝ ගැනත් අපි මේ වෙලාවේ අවධානයෙන් ඉන්න ඕන. ළමයා යනු ළමයෙක් මිස කුඩා වැඩිහිටියෙක් නෙමෙයි . ඒ බව අපි මතක තබා ගත යුතුයි. ඔබ දන්න එවැනි සිදුවීම් අපිට කතා කරලා කියන්න. 1923 හා 1929 කියන අංකවලට. අපි අදාළ පොලිසියට හා ළමා ආරක්ෂක නිළධාරීන්ට දන්වලා ඒ අයව අත්තඩංගුවට ගන්න කටයුතු කරනවා. ළමයා කවරාකාර හෝ කායික, මානසික අපයෝජනට, හිංසනයට ලක්කිරීම වරදක්.” යැයි ද කියා සිටියේය. 

Related posts

රටටම වස කවා මාට්ටුයි… නිවු රත්න සහල්’ මෝල වසා සීල් තබයි..

colombotoday

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

Admin

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

මඩකලපුව සීනවත්ත සිංහල විද්‍යාලය ඩෝසර් කර අන්‍ය ජාතිකයන් පදිංචි කිරීමේ සූදානමක්.. (Video)

colombotoday

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday