Colombo Today Local News

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂකවරයා විසින් ආරච්චිකට්ටුව පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මුන්දලම, කීරියන්කල්ලිය ප්‍රදේශයේ අදාළ සැකකරුගේ නිවසේ දී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී අදාළ බැකෝ යන්ත්‍රය ද පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි.

එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය විය.

Related posts

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

colombotoday

ඉතිහාසයේ කවදාවත් නොවූ විදිහට ACJU වහාබ්වාදීන් ඤාණසාර හිමි ට බයවෙලා – සාම්ප්‍රධායික මුස්ලිම්වරයෙකුගෙන් සටහනක්

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

colombotoday

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

colombotoday

ගුවන් හමුදා ඩ්‍රෝන යානයක් දියවන්නාවට කඩා වැටෙයි

colombotoday