Colombo Today Local News

ආදායම් බදු පැහැර හැරීම් සඳහා දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාස සිට යලි ක්‍රියාත්මකයි

ආදායම් බදු පැහැර හැරීම් සඳහා වන දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය‍

අද (25)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර, 2020 ජුනි මස 03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් කොවිඩ් – 19 හේතුවෙන් රට වසා තිබූ කාලසීමාව තුළ සියලු ආකාරයේ බදු සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමටත්, එවැනි දඩ මුදල් නැවත අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලබා දී තිබේ.

එකී සහනයට අමතරව පහත සඳහන් සහනයන් ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දීමටත්, ඒ අනුව අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීමටත්, නීතිමය විධිවිධාන පනවනු ලබන තෙක් එම සහනයන් වහාම ක්‍රියාත්මක කිරීමටත් අදාළව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • චේතනාන්විත බදු ගෙවීම පැහැර හැරීමක් සිදු වී නොමැති බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සෑහීමට පත් වන්නේ නම් 2018/2019 තක්සේරු වර්ෂය දක්වා නිකුත් කරනු ලැබ ඇති තක්සේරු මත ගෙවිය යුතු හිඟ ආදායම් බදු නිදහස් කිරීම.
  • 2019/2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර බදු ගෙවා ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීම.
  • බදු අභියාචන‍ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුතු බැංකු ඇපකරය හෝ ආපසු නොගෙවනු ලබන මුදල ගෙවීම සඳහා ලබා දෙනු ලබන කාලය දීර්ඝ කිරීම.
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ දැනමටත් එකඟ වී ඇති හිඟ/පැහැර හැර ඇති බදු ගෙවීම සඳහා සහන කාලයක් ප්‍රදානය කිරීම.
  • බැංකු වෙත නිකුත් කර ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම 2021 අප්‍රේල් මස 30 දක්වා අත්හිටුවීම.
  • 2020 මාර්තු මස 01 දින සිට 2020 ජුනි මස 30 දින දක්වා කාලයට අදාළ යම් බද්දක් ගෙවීම හෝ/සහ බදු වාර්තා ලබා දීම 2020 දෙසැම්බර් මස 31 දින හෝ ඊට පෙර සිදු කිරීම සඳහා ඉඩ සලසා දීම සහ අදාළ බද්ද ගෙවීම/වාර්තාව භාර දීමට නියමිත දිනට සිදු කළා සේ සැලකීම.

Related posts

අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා – ඥානසාර හිමිගෙන් ජවිපේට සැර පහරක්

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය. – ඇඟලුම්හලේ කළමනාකාරවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday

5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday