බස්නාහිර හා නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් යන අයට එරෙහිව ත්‍රිපුද්ගල කමිටුවට ඊයේ(09) දින වන විට පැමිණිලි 8ක් ලැබී තිබේ.ඉන් පැමිණිලි 5ක් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ලැබී ඇත.පැමිණිලි 2ක් අසාද් සාලි යන අයට එරෙහිවත් එක් පැමිණිල්ලක් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිවත් ලැබී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය 04 වැනිදා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර අනිද්දා(12) දින දක්වා පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනයාට අවස්ථාව ලබා දී ඇත.