Colombo Today Local News

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

කොවිඩ්-19 වයිරසය රටපුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙවන් අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

එබැවින් සියම් මහ නිකායේ මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්හි වාර්ෂිකව සිදුකෙරෙන්නාවූ උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට මහනායක ස්වාමින්ද්‍රන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

සෑම වර්ෂයකම වෙසක් පුන් පොහෝ දින සිට පොසොන් පුන් පොහෝ දිනය දක්වා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් කේන්ද්‍ර කරගනිමින් උපසම්පදා විනයකර්ම සිදුකරන බවත් මෙම වසරේ මැයි මස 07 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් මෙම පුණ්‍යයෝත්සවය ආරම්භ වීමට නියමිතව තිබූ බවත් මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ මහ සංඝරත්නය හා සැදැහැවතුන් ආරක්ෂා වීමෙන් බවත් මෙම අවස්ථාවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව සියලු දෙනා නිවෙස් වලට වී සිටීම වැදගත් බවත් කී සුමංගල නාහිමියෝ සියලු කරදර වලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවද සදහන් කළේය.

මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් මූලිකත්වයෙන් සිදු කෙරෙන්නාවූ වෙසක් උත්සවද මෙවර නොපැවැත්වීමට තීරණය කළේ යැයි උන්වහන්සේ කීහ.

Related posts

දේශපාලන අර්බුධය මැද විදෙස් යුධ නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday