Colombo Today Local News

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

සමාජ මාධ්‍ය භාවිතා කරමින් දැන්විම් පළකර මුදල් වංචා සිදු කරන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන අංශය පරික්ෂණ ආරම්භ කර තිබේ.

ලැබී ඇති පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

විවිධ ක්‍රම ඔස්සේ සාමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු වේ පරිගනක අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා වී තිබේ.

තායිලන්තයේ රැකියා ඇබෑර්තු ඇති බවට දැන්වීම් පළ කර මුදල් වංචා සිදුකරන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳව බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැමිණිල්ලක් සිදුකර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ව සඳහන් කළේය.

ඊට අමතරව මෝටර් රථ දිනුම් ඇදීමක් ලැබී ඇති බවට පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව සහ ලොතරැයි දිනුම් ඇදීම් ලැබී ඇති බවට පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව ද පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

ෆේස්බුක් වැනි මිතුරු ඇරයුම් හරහා සම්බන්ධ නාඳුනන පුද්ගලයින් විසින් එවනු ලබන ත්‍යාග රේගුවෙන් නිදහස් කර ගැනිමට බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනිම පිළිබඳව සහ ෆේස්බුක් මිතුරු ඇරයුම් හරහා සිදුකරන විවාහ යෝජනාවලට හසුවී මුදල් වංචා කිරිම් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන මෙවැනි මුදල් වංචා කිරිමේ සිද්ධීන්වලට හසුවිමෙන් වලකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ගෝඨාභයට කේස් වැලක්! ළඟදීම අධිකරණයට?

colombotoday

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

මුලතිව් පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ කොටි මුහුණු මතුවෙයි

colombotoday

නීති විරෝධීව කුවේටයේ සිටි ලාංකික ගෘහ සේවිකාවන් 26ක් පිටුවහල් කරයි

Admin

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

ආගමික අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්තාපනයට නව රෙගුලාසී සහිත ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday