Colombo Today Local News

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා – විශේෂ බලකාය අභිමානවත් 23 වන සංවත්සරය සමරයි !

“අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන්න සිය තේමා පාඨය කොටගත් “SF” යන සුරතල් නාමයෙන් හඳුන්වන විශේෂ සේවා බලකාය ශ්‍රීලංකාවේ යුදහමුදාව තුල බිහිවෙන්නේ මීට වසර 23 කට කලින්.

උපායමාර්ගික යුද ක්‍රම, ත්‍රස්තවාදය මැඩලීම මෙන්ම විශේෂ යුද මෙහෙයුම් වැනි සුවිශේෂී යුද උපක්‍රමවේදයන් වෙනුවෙන් විශේෂඥ පුහුණුවීම් ලැබූ විරෝදාර රණවිරුවන්ගෙන් සමන්විත වූ බලකායක්, මේ විශේෂ සේවා බලඇනිය.

මේ උදාර යුද බළකාය, අදදින, මාතලේ ,නාඋල පිහිටි බළකා මූලස්ථානයේදී සිය 23 වැනි සන්වත්සරය ඉතාමත් අභිමානයෙන් සමරනු ලැබුවේ, ” නොහැක්කක් නොමැත” යන්න සිය ජීවිතයේ තේමාව කොටගත්, එමෙන්ම එය වචනයට පමණක් සීමා නොකොට , ක්‍රියාවෙන්ම පසක් කොට පෙන්වූ, සිය ශ්‍රේෂ්ඨ නායකයා , වත්මන් යුදහමුදාපති , ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෙන්පතිඳුන්ගේ මග පෙන්වීම සහ ආශිර්වාදය සමගින්.

නිවැරදි නායකත්වය මෙන්ම සාර්ථක මගපෙන්වීමක් සමගින් අභිමානවත් ගමනක නිරතව ඇති විශේෂ සේවා බළකායට අපගේ සුභාශින්සන එක්කොට සිටිමු.

උපුටා ගැනීම :- ලලිත් කරුණාදාසගේ බිත්තියෙන්

Related posts

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

colombotoday

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

ජනාධිපතිවරුන්ගේ හා මන්ත්‍රිලාගේ වරප්‍රසාද කැපෙන්නේ මෙහෙමයි

Admin

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday