Colombo Today Local News

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ජනාධිපති

ටී.එන්.එල්. රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරය අවහිර කිරීමට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසා ඇත.

පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර එම කටයුත්ත ආයතනික මට්ටමින් ගත් එකක් බවත් රටේ නීතිය ක‍්‍රියාත්මක වීමේදී කාටත් පොදු බවත් එහිදී සඳහන් කර ඇත.

එසේම ආයතනවලට බලය ලබා දී ඇති බවත් ඒ අනුව ඒවායේ නිලධාරීන් කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන අතර ඒ හැර තම පුද්ගලික බලපෑමක්‌ හෝ සම්බන්ධයක්‌ ටී.එන්.එල්. නාලිකාව අවහිර කිරීමට කිසිසේත්ම නැතැයිද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

Related posts

වායු දූෂණ මටට්ම 75% කින් අඩු වෙයි

Admin

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday

අතුරුදන් වූ තරුණයෙකු මිය ගිහින්

Admin

අතුරුදන්වූවන් හොයන කාර්යාලය මේ වසරේ ඇරඹේ… අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරේ !

colombotoday

මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

colombotoday

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

colombotoday