Colombo Today Local News

TNA දෙකඩ වෙයි… විග්නේශ්වරන් ‘දෙමළ ජනතා සභාව’ නමින් අලුත් පෙරමුණක් හදයි

tan wigneshwaran

ද්‍රවිඩ ජාතික සන්ධානයේ අභ්‍යන්තර බල ගැටුම මේ වන විට පුපුරා ගොස් තිබෙන අතර ආර් සම්බන්ධන්ගේ පාර්ශවයට එරෙහිව උතුරු පළාත් මහ ඇමති සීව.වී. විග්නේශ්වරන් සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ තවත් ප්‍රබලයන් කිහිපදෙනෙකු‍ගේ ප්‍රමුඛත්වයෙන් ‘දෙමළ ජනතා සභාව’ නමින් නව පෙරමුණක් ඊයේ 20 පිහිටුවා ගන්නා ලදි.

යාපනේ පුස්තකාලයේ රැස්වී පිහිටුවාගන්නා ලද එම නව සංවිධානයට දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාත්ථන් මන්ත්‍රීවරයා, ඊපීආර්එල්එෆ් සංවිධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රීවරයා සහ දෙජාස වෙතින් වෙන්වී පිහිටුවා ගනු ලැබූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද ඇතුලත් වෙයි. උතුරේ සිවිල් සංවිධාන හා ආගමික නියෝජිතයන් නව පෙරමුණට සහය පල කර ඇති බවද වාර්තා වෙයි.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ගැටළුවල විසදුම් සොයාගෙන ගිය ක්‍රියාවලි අඩ පණ වී ඇති බැවින් ඊට විකල්පයක් ලෙස මෙම සංවිධානය ගොඩ නගන බවයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර ඇත්තේ.

උතුරේ අර්බුධයට පිළිගත හැකි ස්ථීර දේශපාලන විසදුමක් ලබා ගැනීම, උතුරේ ඉඩම් දෙමළ ජනතාවට යළි පවරා දීම, උතුරේ ආරක්ෂක අංශ අඩු කිරීම, නැවත පදිංචි කිරීම ඇතුළු අර්බුද වලට විසදුම් සෙවීම සදහා ‘දෙමළ ජනතා සභාව’ කමිටු දෙකක් පත් කර ඇති අතර මෙකී සංවිධානයේ ඉදිරි ක්‍රියා ද්‍රවිඩ ජාතික සන්ධානයට අභියෝගයක් වනු ඇති බවයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැඩි දුරටත් පවසා ඇත්තේ.

Related posts

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

මියගිය ආගමික දේශක රුවන් ප්‍රසන්නගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක් අරඹයි

Admin

පොහොර කාර්යාලයේ අධ්‍යක්ෂ තනතුරින් පන්නයි

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අද සිට ගාස්තු අය කෙරේ….

colombotoday