Colombo Today Local News

NGO නඩයක් කොළඹට එකතු වෙයි… ජනපතිට විරෝධය පා ජාතික ගීය දෙමළෙන් කියයි !

අද පෙරවරුවේ පැවති 72වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් නොගැයීමට විරෝධය දක්වමින් රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් පිරිසක් බොරැල්ලේදී විරෝධතාවක නිරත විය.

එම පිරිස කලු වස්ත්‍රවලින් සැරසී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරමින් සිය විරෝධය දක්වා සිටියහ. එයට සහභාගී වූ පිරිස් දමිළ භාෂාව නොදන්නා නිසාදෝ සිංහල අකුරෙන් දෙමළ ජාතික ගීය ලියන ලද පත්‍රිකාවක් බලමින් දමිල ජාතික ගීය කියනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් මෙම පිරිසේ ක්‍රියාව සමාජ ජාලාවල දැඩි උසුලු විසුලවලට ලක්වෙමින් විවේචනයට ලක්ව ඇත, සාමාන්‍ය දමිළ ජනතාවට ද දෙමළ ජාතික ගීයක අවශ්‍යතාවය නොමැති පසුබිමක් තුළ අනවශ්‍ය ලෙස ජාතිවාදය ඇවිලවීමට මෙම අවස්ථාවාදීන් උත්සහා කරන බවද සක්සුදක් සේ පැහැදිලිය.

Related posts

වැට් බදු ඉහළ දමන්නේ මාස 9කට පමණයි.. ඉන්පසු දිගටම සහන

colombotoday

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි

colombotoday

හොර දැව ඇද්දාට රුපියල් 60,000/= දඩයක්. | ලක්ෂ 50ක් වටිනා ලොරි රථය රාජසන්තකයි.

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට සිට විවෘතවෙයි

colombotoday

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday