Colombo Today Local News

ISIS ‘භීතියේ අධිරාජ්‍ය යෙන්‘ 7000ක් ලංකාවට ඇවිත්…

ලකාව තුල මේ වනවිට අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සහ සංක්‍රමණිකයන් අතරින් හත්දහසකට ආසන්න ප්‍රමාණයක් ISIS ත‍්‍රස්තවාදීන්ගේ භීතියේ අධිරාජ්‍ය ලෙස හැඳින්වෙන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්ණ කළ අතර අගමැතිවරයා ඊට පිළිතුරු ලබා නොදී අදාල ලේඛන සභාගත කරන බව සඳහන් කළේය. අ

ලහප්පෙරුම මහතා තවදුරටත් කියා සිටියේ අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද භීතියේ අධිරාජ්‍ය හෙවත් ඉස්ලාම් රාජ්‍යට අයත් රටවලින් මෙම සංක්‍රමණිකයන් පැමිණ එසේ රැඳී සිටින බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ දත්ත අනුව අප්‍රේල් මස 21 වනදා වන විට නීති විරෝධීව 11456 දෙනෙක් මෙරට රැඳී සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පුද්ගලයින් 237 අත්අඩංගුවේ

colombotoday

කාන්තාවක් අතුරුදන්…

Admin

ජනාධිපති මන්දිරයට- අරලියගහ මැදුරට හානි කළ 70ක් හඳුනාගනී – රනිල්ගේ නිවසේ ගින්නට සැක හිටපු සජබ නි.ඇමැති පුතා හැංගිලා

colombotoday

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

අගමැතිගෙන් තරුණයන්ට අඩුපොලී ණය..

colombotoday