Colombo Today Local News

ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්

ෆුර්කාන් හාජ්ජියාර් නැමති ගම්පොල උප නගරාධිපති විසින් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ලයක් පිලිබඳ හෙළිදරව්වක් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මාධ්‍ය හමුවක් පවත්වා අද (5) සිදුකර සිටියා.

අදාළ උපනගරාධිපති විසින් කඩුගන්නාව ප්‍රදේශයේ කාන්තාවකගේ ඉඩමක්, කිරිබත්ගොඩ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමකගේ ඉඩමක්, මාලඹේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ඉඩමක් තම බලය පාවිච්චි කරමින් අත්පත්කර ගැනීමට උත්සහ දැරීම සම්බන්ධයෙන් තම සංවිධානයට දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් විතානගේ මහතා පැවසීය.

දී මූ ජයරත්න මහතා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන සමයේ ආන්දෝලනයට පත් කුඩු කන්ටේනරයට ද මෙම තැනැත්තාගේ සම්බන්ධයක් පවතින බවට ගම්පොල ප්‍රදේශයේ ජනතාව පවසන බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම කසළ තේ අපනයනය කිරීම සම්බන්ධයෙන් ද ෆුර්කාන් ගේ නම ඈඳෙන බව ද පැවසීය.

මේ අතර දෙහිවල කවුඩාන අත්තිඩිය ප්‍රදේශයේ ඇස් නොපෙනෙන ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටි 25ක් පමණ වටිනා නිවසක් මැරයන් 35ක් සමග පැමිණි උප නගරාධිපති ෆුර්කාන් නිවසේ හිමිකරු එළියට ඇද දමා බලෙන් නිවාස අත්පත්කර ගැනීමට උත්සහා දරා ඇත. අදාළ නිවසේ හිමිකරු ද මාධ්‍ය හමුවට සහබාගී වී සිටි අතර ඔහු විසින් අදාළ සිද්ධිය පිලිබඳ විස්තර කරන ලදි…

අදාළ මාධ්‍ය හමුව…

Related posts

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් ඇරඹෙයි.

Admin

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 250 කින් ඉහළට

colombotoday

යාපනයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්‍රහාරයක්

Admin

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday