Colombo Today Local News

ETCA අත්සන් කරන්න යන නිලධාරීන්ට අනතුරු ඇගවීමක්

රටට ජාතික ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවක ඉන්දියාවට රට බිලිදීම සඳහා එට්කා ගිවිසුමට අදාළ කටයුතු සිදුකරන සෑම රාජ්‍ය නිලධාරියෙකුටම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සඳහන් කරයි.

ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව මෙම ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවට නිකම්ම ඉන්දියාවට යටත් වීමට සිදුවන බවද එම සංගමයේ සාමාජික රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව සිපා ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පරාජයට පත් කළ බවත්, ඒ ආකාරයටම ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව අත්සන් කිරීමට යන එට්කා වැඩපිළිවෙළද පරාජයට පත් කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

Related posts

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටව යයි

colombotoday

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

colombotoday

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

Admin

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

colombotoday

කංචන තෙල් ගෙන්වූ සමාගමටම වත්මන් ආණ්ඩුවත් ඕඩර් ලබා දෙයි

Admin

සතොස ඕගනික් සුපර් මාකට් සෑම නගරයකටම

colombotoday