Colombo Today Local News

7 වැනිදා අර්බුදය නොවිසදුනොත් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක්… මහ ලේකම් ලංකාවට…

දැනට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය දෙසැම්බර් 7 වැනි දින වන විට අවසන් නොවුණහොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඔහුගේ නියෝජිත කණ්ඩායමක් පසුගිය 27 වැනිදා මෙරටට පැමිණ ඇත. පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දුරකථන ඔස්සේ සාකච්ඡා කර ඇති අතර එහිදී පසුගිය 29 වැනි දින වන විට එම අර්බුදය අවසන් කරන බවට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පොරොන්දු වී ඇති බව එම සංවිධානයේ මෙරට කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙරටට පැමිණ ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස පසුගිය 29 වැනි දින ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් දැඩි මැදිහත් වීමක් සිදුකරමින් එක් එක් දේශපාලන පක්ෂවලටද බලපෑම් සිදු කර ඇති බව වාර්තා වේ. පසුගිය දිනවල පැවැති පාර්ලිමේන්තු සභා වාර නිරීක්ෂණයකට ද එම නියෝජිතයින් සහභාගි වී ඇත.

– aruna

Related posts

10වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි

Admin

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

Admin