Colombo Today Local News

රට ආඩි හත් දෙනාගේ කැඳ හැලියක් වෙලා – ඥානසාර හිමි

රටේ භයානක තත්වයක් තිබෙන බවත් කිසිම විනිවිධ බාවයක් නොමැතිව සමහර පනත් පිලිබදව ජනතාව දැන ගන්නේ සම්මත වූ පසුව බවත් වග කියන්න කිසිවෙක් හෝ තීන්දු ගන්න නායකයෙක්වත් නොමැතව රට ආඩි හත් දෙනාගේ කැඳ හැලියක් බවට පත්ව තිබෙන බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

සතුරු බලවේග ඔවුන්ට ඔනෑ ඔනෑ දේවල් කරමින් සිටින බවත් යුද්ධය පැවති සමයේදී රටින් පලවා හැරී බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් නැවත කරලියට පැමිණ ඇති බවත් ඥානසාර හිමි විශේෂ සාකච්චාවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියා.

විශේෂයෙන්ම නිමල්කා ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමට ලබාදුන් නව පතිවීම් පිලිබදව රජය නැවත සිතා බැලිය යුතුව ඇති බවත් මෙවැනි ක්‍රියා හේතුවෙන් ආණ්ඩුව ජාත්‍යන්තරය දිනාගත්තට රටේ මිනිස්සු දිනාගැනීමට නොහැකි බවත් ඒ හිමියෝ සඳහන් කර සිටියහ.

Related posts

සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයි

colombotoday

දෙදින නිල සංචාරය අවසන් කරමින් චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටව යයි

colombotoday

රවීගේ සැක සහිත ගනුදෙණුවක් ! කබීර් හෂීම්ගේ විරෝධය

colombotoday

අගමැති ගැන වෛද්‍ය මතය කියයි! ඇහුන්කම්දීමේ, නම්‍යශීලීභාවයේ, නායකත්ව ගුණාගංවල දෝෂ තියනවලු

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

මන්නාරම් බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙයි

colombotoday