Colombo Today Local News

හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අද CIDයට

ගාලුමෝදර අරගල භුමිය සහ අරලියගහ මන්දිරය අසල සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා අද (11)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බවයි.

ඊට අනියුක්ත කර ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 6 කි.

ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ අරලියගහ මන්දිරයේ 09 වන දා පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කරන්නේ, ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද අද ගෝඨාගෝ ගම පරිශ්‍රයට කැඳවා ඇති බවයි.

අරගල භූමියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්, ඊයේ ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශන සිදු කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ… වැඩිම පිරිස පාකිස්ථානුවන්…

colombotoday

දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

colombotoday

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?

colombotoday

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

colombotoday

මහින්ද පවුල ගොඩ ගන්න රටත් පාවා දෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි

colombotoday

කෙහෙළිය නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

Admin