Colombo Today Local NewsTop Stories

13 එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් රට අවුලෙන් අවුලට…

13වන ව්‍යවස්ථා සංශෝධනය එසේම තිබියදී විධියක ජනාධිපති ධුරය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දැමීක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්  වීරවංශ මහතා පවසයි.  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

13 එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නකි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව දැන් ජවිපෙ විසින් භාරගෙන තිබේ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඊට කොන්දේසි සහිතව සහයෝගය දෙන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කොට තිබේ.

‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම’ ඔවුන් පවසන ඉහත කී කොන්දේසිය ය. එවැනි තීරණයකට ඒකාබද්ධ විපක්ෂය මේ වන විට නිල වශයෙන් එළඹ නැති බවත් එවැනි තීරණයක් ගැනීමට සූදානම් වුවහොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් මේ මොහොතේ ජාතිය හමුවේ අවධාරණය කිරීමට කැමැත්තෙමු.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත්ම නිවැරදි නොවේ. එය රට තවදුරටත් අවුලෙන් අවුලට ඇද දමන්නකි. දහතුන්වැනි සංශෝධනය මගින් පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහි නොවීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ ද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විධායක ජනාධිපති ක්‍රමය ය. වර්ධරාජා පෙරුමාල් සිය සීමාව ඉක්මවා ගිය විට උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර එය ආණ්ඩුකාර පාලනයකට නතුකර ගැනීමට හැකි වූයේ ද විධායක ජනාධිපති ධුරය සතු බලතල නිසා ය.

ජවිපෙ මේ ඉටු කරන්නේ කොන්ත්‍රාත්තුවක් ය. මේ එන්නේ විධායකය අහෝසි කිරීමේ මුවාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි කිරීමට බව අප අවබෝධ කරගත යුතු ය. ඒ කාර්යය ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ කාරක සභා අවස්ථාවේදී ගෙන එන සුළු සංශෝධන මගින් බව මෑත ඉතිහාසයේ අප ලත් පාඩම් ඇසුරින් වටහා ගැනීමට අපට දැන් හැකිවිය යුතු ය. අවසානයේ සිදුවනු ඇත්තේ පළාත් සභාවලට අදාළව ජනාධිපතිවරයාට ඇති පාලනය අහෝසි කිරීම සහ තවත් ඒකීය රාජ්‍යයේ පැවැත්මට හානිකර සංශෝධන සම්මත වී විධායක ජනාධිපති ධුරය නාමිකව අහෝසි කිරීම සදහා අවශ්‍ය ජනමත විචාරණය පසුවට කල් යාම බව නොවැටහීම බරපතළ වරදක් බව කිව යුතු ය.

මේ ආකාරයට ඒකීය රාජ්‍යය අනතුරේ වැටුණු පසු අප ලබාගන්නා මැතිවරණ යනු අසනීපයට බෙහෙත් කිරීමට සුදුසු වෛද්‍යවරයකු සෙවීම පසෙක තබා ‘දැනට මේ බෙහෙත් බොමු. නමුත් පසුව හොද මල් ශාලාවක් සොයා ගමු.’ පන්නයේ විකල්පයකි. කිසිසේත් එකකට එකක් යා නොවන ඉල්ලීම් එකට අනා ඉදිරිපත් කිරීම වෙනුවට රටේ ඒකීයභාවයට එරෙහිව ඇති අනතුර හදුනාගන්නා ලෙසත් විදේශීය පෑන් පහරින් කෙටුම්පත් කරන යෝජනාවල බැටළු හම මෑත්කර ඒ යටින් ඇති වෘකයා හදුනාගැනීමට උනන්දු වන ලෙසත් මුළුමහත් ජාතියෙන්ම ඉල්ලා සිටින අතර මේ යටිකූට්ටු හවුලේ ෆෙඩරල් ක්‍රියාදාමයට එරෙහිව අවදියෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

විමල් වීරවංශ, (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

Related posts

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday

සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන 100 කදී ඇරඹේ

Admin

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

උදයංගව නිදහස් කල බව අපි දන්නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැව්වා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday

අගමැති පිටව යයි.. හිටපු අගමැති තවමත් පාර්ලිමේන්තුවේ…

colombotoday