Colombo Today Local News

“මයිලෝ හොද නෑ.. අධික සීනි.. මං පැකට් එක අරන් රටපුරා ගොස් විරෝධතා පානවා..” මයිලෝ පැකට්ටුවක් පෙන්වමින් ජනපති කියයි

ජනප්‍රිය චොකලට් මිශ්‍ර කිරි පානයක් වන “මයිලෝ“ තුළ අධික සීනි මට්ටමක් පවතින බවත්, සාමාන්‍ය අගය 5% මට්ටමේ තිබිය යුතු වුවත් මයිලෝ වල එම අගය 16.5% මට්ටමේ පවතින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම අධික සීනි ප්‍රතිශතය අඩු නොකළහොත් කිරි පැකට්ටුව අරන් රට පුරා විරෝධය දක්වන බවද ජනාධිපතිවරයා කියා සිටී. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ 11 වෙනිදා දියවැඩියා දිනය වෙනුවෙන් පැවති පාගමනට සහභාගි වෙමිනි.

පසුගිය කාලයේදී බහුජාතික කිරිපිටි සමාගම් සම්බන්ධව දැඩි ප්‍රතිපත්තියක සිටින ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය කලේ මෙරටේ සිටින ප්‍රධාන බහු ජාතික සමාගමක් වන නෙස්ලේ සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධවයි. එම සමාගම මෙරටේ ලදරු කිරිපිටි වන නෑන්, ලැක්ටෝජන මෙන්ම සීනි අධික නෙස්ප්‍රේ කිරිපිටි ද අලෙවි කරන සමාගමකි.

මෑතක සිට නෙස්ලේ සමාගම 20 % සිනී මිශ්‍ර කොට කිරිපිටි ලෙස “නෙස්ප්‍රේ එවරිඩේ” නමින් කිරිපිටි අලෙවි කරන අතර පාරිභෝගිකයා නොමග යැවීම සඳහා එහි අඩංගු සීනි ප්‍රමාණය සගවා අලෙවි කිරිමට පටන්ගෙන ඇති බව ජනාධිපතිවරයා අනාවරනය කරගෙන ඇත.

https://youtu.be/SxV_D9i1TH4?t=96

Related posts

ඩෙංගු සමග සිකා වෛරසය රටපුරා පැතිරයාමේ අවදානමක්

colombotoday

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ…

colombotoday

ගාල්ලේ කොවිඩ් මළ සිරුර ආදාහනය කරයි

colombotoday

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

Admin