World

ජාතික ධජයට අපහාස කළ හොංකොං ජාතිකයාට දඬුවම්

ජාතික ධජය අපහාසයට හා අගෞරවයට පත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 74 හැවිරිදි හොංකොං ජාතිකයෙකුට මාස හතරක සිර දඬුවමක් නියම කිරීමට හොංකොං අධිකරණය ඊයේ (28)දින තීන්දු කර තිබේ.

පසුගිය ජූලි මාසයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක කොටසක් ලෙස උසාවිය ඉදිරියේ ජාතික ධජය උඩු යටිකරු කර, එහි විවිධ සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් ඔහු සිදුකළ හැසිරීමට මෙම දඬුවම හිමිවී ඇත.

නියෝගය ප්‍රකාශයට පත්කරමින්, මහේස්ත්‍රාත් මැයි චුන්ග් කියා සිටියේ මෙම ක්‍රියාව ජාතික ධජයට කරන නින්දිත අපහාසයක් වන අතර, තවත් පුද්ගලයින් මීට වඩා අපරාධ කිරීමට පෙළඹවිය හැකි ක්‍රියාවක් බවයි.

කෙසේ වෙතත් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීම හේතුවෙන් ඔහුගේ දඬුවම මාසයකින් කෙටි කිරීමටද මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබේ.

Related posts

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

Admin

පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

colombotoday

නත්තල් උත්සවයකට ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. 7ක් මරුට.

colombotoday

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

colombotoday

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin