Colombo Today Local News

ශක්තිමත් වෙන රුපියලට වසර අවසානයේ වෙන දේ ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය කියයි

ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබේ.

මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 390 දක්වා පහත වැටෙනු ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතනය පුරෝකථනය කර ඇත.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඉතා ඉක්මණින් ලබා ගත හැකි වෙතැයි සුභවාදිව බලාපොරොත්තු වන බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසා ඇත.

විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දුර්වල ආර්ථික තත්ත්වය සහ පැවැත්වීමට නියමිත මැතිවරණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට අපහසු කරුණක් වීමට ඉඩ ඇතැයි ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී තිබේ.

Related posts

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

colombotoday

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday

ව්‍යාජ PCR මුදලට වික්ක මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday