Colombo Today Local News

2028න් පසු ගුරු පත්වීම් ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන්ට පමණයි

අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනෙකුට රැකියාවක් සැපැයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයෙකු ලබා දීම වන බැවින් 2028 වර්ෂයෙන් පසුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් බිහි වන අධ්‍යාපනවේදී උපාධිධාරීන් හැර වෙනත් කිසිවෙකුට ගුරු පත්වීම් ලබා නොදෙන බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අධ්‍යාපන විද්‍යාපීඨ 19 ඒකාබද්ධ කර බිහි කරන එක් ජාතික විශ්වවිද්‍යාලයක් මගින් සිවු වසරක් තුළ උපාධිධාරීන් බිහි කරන අතර උසස් පෙළ ඉසෙඩ්ස්කෝ පළමු වටයෙන් ම විෂය අනුව පවත්නා පුරප්පාඩු මත උපාධි අපේක්‍ෂකයන් බඳවා ගන්නා බව ත් අධ්‍යයන වර්ෂ තුනකට පසු අවසන් වසරේදී ඉගැන්වීම් පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයෙකු පන්ති කාමරය වෙත යැවීමට කටයුතු කරන බව ත් ඇමතිවරයා සඳහන් කරයි.

ජාතික මට්ටමින් සැලසුම් කර ඇති ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් මට්ටමින් සහයෝගය ලබා ගැනීමත්, පළාත් මට්ටමින් අධ්‍යාපනය ඉහළ නැංවීමත් අරමුණු කරගෙන පැවති රැස්වීමකදී අදහස් දැක්වූ ඇමතිවරයා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශයට පැවරෙන අතර එම ජාතික ප්‍රතිපත්ති පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන බව ත් ජාතික හා පළාත් වශයෙන් මනා සබඳතාවක් සහිතව මෙම කටයුතු සිදුවිය යුතුව ඇතැයි පවසයි.

දිවයිනේ පාසල් කිහිපයක් පමණක් සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කළ ද රටක් ලෙස ඉන් සෑහීමකට පත්විය නොහැකි බව ත් සුදුසු ගුරුවරුන් ඇතුළු අවශ්‍ය මානව හා භෞතික සම්පත් සැපැයීම ඔස්සේ රටේ සමස්ත පාසල් පද්ධතිය ම නගා සිටුවමින් අධ්‍යාපනයේ සම අවස්ථා සෑම දරුවෙකුට ම ලබා දීම අධ්‍යාපන අමාත්‍යංශයේ මුඛ්‍ය අරමුණ බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම ආරම්භ කළ ද මේ වනවිට එය ප්‍රමාණවත් නොවන බැවින් යුනෙස්කෝ සංවිධානය විසින් සාමාජික රටවල් 195ට ලබා දෙන ලද තිබෙන පණිවුඩයට ද අනුකූල වන ලෙස පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් දක්වා එම ප්‍රතිසංස්කරණ ගෙනයා යුතුව තිබෙන බව ද ඇමතිවරයා මෙහිදී අවධාරණය කරයි.

Related posts

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

colombotoday

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝකරන්සි භාවිතයට අවසර

colombotoday