Colombo Today Local News

ජූලි චංග් අනුර හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

Related posts

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

colombotoday

කථානායක මන්ත්‍රිවරුන්ට දුන් විශේෂ දැනුම්දීම

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

අද සිට බස්රථවල ආසන ගණනට මගීන් ප‍්‍රවාහනයට අවසර

colombotoday