Colombo Today Local News

ඇමරිකානු යුධ ගුවන් යානයක් ත්‍රිකුණාමළයට ගොඩබාන්න ඉල්ලයි.. එන පිරිස, කාරණය අභිරහසක් !

us ari33ඇමරිකන් යුද ගුවන් යානයකට චීන වරාය ගුවන් තොටුපළ පාවිච්චි කිරීමට ඉඩ දෙන ලෙස ඇමරිකන් බලධාරීහු ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

සී/37B/GLF හෙවත් ගල්ෆ් ස්‌ටි්‍රට්‌ නමැති යුද ගුවන් යානය දැනට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුව ඉන්දියාව බලා යනු ඇත. දැනට එය කටුනායක ගුවන්තොටුපළේ නවත්වා තිබේ. එයට කෙළින්ම කටුනායක සිට ඉන්දියාවට යා හැකි නමුත් චීන වරාය ගුවන් තොටුපළට ද පැමිණ එතැන් සිට යැමට ඇති අවශ්‍යතාව කුමක්‌ද යන ප්‍රශ්නය මතු වී තිබේ.

යානය පැමිණෙන්නේ කුමකටද යන්න පිළිබඳව හෝ යානාවේ ගමන් කරන පිරිස කවුරුන්දැයි මෙතෙක්‌ අනාවරණය වී නොමැත.

කටුනායක සිට ඉන්දියාව වෙත සෘජුව පියාසර කිරීමට මෙම යානාවට හැකි බවත් එය චීන වරාය ගුවන් තොටුපළට ගොඩබස්‌සා එතැන් සිට ඉන්දියාවට පියාසර කිරීම ගැන දැඩි සැකයක්‌ මතුවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

එම යානාව චීන වරාය ගුවන්තොටුපළ භාවිත කිරීම ගැන විරුද්ධත්වයක්‌ නැති බව ද සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා වෙත දන්වමින් ඇමරිකානු යානාවට චීන වරාය ගුවන් තොටුපළ භාවිත කිරීම සඳහා අවසරය ඉල්ලා ඇත.

මෙම ගල්ෆ්ස්‌ටි්‍රට්‌ හමුදා යානාවේ සිටින පිරිසට හා නියමුවන්ට ආගමන විගමන පහසුකම් සහ වෙනත් සේවාවන් සැපයීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරී තිබේ.

එසේම මෙම යානාවට චීන වරායේ සිට ඉන්දියාවට පියාසර කිරීම සඳහා සැලැස්‌මක්‌ සකස්‌ කරන ලෙසත් සිවිල් ගුවන් සේවා අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

මෙයට පෙර ඇමරිකානු ඩී. 130 ක යානාවක්‌ ඖෂධ තොගයක්‌ රැගෙන පලාලි ගොස්‌ ආපසු කටුනායක ගුවන්තොටුපළට පැමිණ පිටත්ව ගොස්‌ ඇත.

දිවයින

Related posts

මුල් පියවර දේශීය යාන්ත්‍රණය සැකසීමයි.. අනිත්වා ඉන් පසුවයි.. ලංකාවේ දියුණුව පුදුමයි ! – බිස්වාල්

colombotoday

“අගමැති රනිල් මෙතරම් ඉක්මනින් අපේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක්“ – යහපාලන මහඇදුරු නිර්මාල්

colombotoday

ධම්මපාල නාහිමි රාමඤ්ඤ නිකායේ අභිනව මහෝපාධ්‍ය පදවියට

colombotoday

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

Admin

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin

මිළකල නොහැකි පුල්මුඩේ ඛණිජවැලි නිධිය නොමිළේම ඉන්දියාවට.. ගතමනාවෙන් බාගයක් ඇමති සාක්කුවට

colombotoday