Colombo Today Local News

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොණුකර ඇති විශේෂ පෙත්සම් විභාග කිරීම අද සිට ආරම්භ වනවා.

ඒ, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලට බුවනෙක අලූ‍විහාරේ, සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අයත්.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලමිනුයි අදාළ පෙත්සම් ගොණුකර ඇත්තේ. ඊයේ පස්වරුව වනවිට ගොණුකර තිබූ සමස්ත පෙත්සම් සංඛ්‍යාව 39 ක්.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙසටයි පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ. යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට හැකියාව ඇති බව හා ඒ තුලින් ජනතාවට එම පනත් කෙටුම්පත් අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමි වන බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

එමෙන්ම නව පනත් කෙටුම්පත තුලින් මහ මැතිවරණයකින් පසුව ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇති බව අදාළ පෙත්සම්වල සදහන්. අධිකරණයේ ඉහළ පත්වීම් ජනාධිපතිවරයා විසින් පත් කිරීමට යෝජිත බැවින් අධිකරණයේ ස්වාධීනත්වයට ද බලපෑම් ඇති කළ හැකි බවටයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Related posts

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

colombotoday

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

Admin

රජයේ වාහන සංඛ්‍යාව 57,961 ක්..! එයින් 7,723ක් කොට උඩ.. වෙන්දේසි කරන්න යයි

colombotoday

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday