World

100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්

අප්‍රිකාව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මහාද්වීපයේ සෑම රටකටම වෛරසය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඊයේ (22)දින නිවේදනය කල සිටියා.

එමෙන්ම මේ වනවිට කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අප්‍රිකාවේ පුද්ගලයන් 3,100ක් මියගොස් තිබේ.

“මේ වනවිට කොවිඩ්-19 අප්‍රිකාවේ යම් පැතිරීමක් සිදුකර තිබෙනවා. ලෝකයේ අනෙකුත් ප්‍රදේශ විනාශ කර දැමූ මහා මරණ සංඛ්‍යාවෙන් මහද්වීපය බේරී තිබෙනවා” යැයි අප්‍රිකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය මැට්ෂිඩිසෝ මොයිටි පැවසීය.

සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මෙම සාකච්ඡාවකදී අදහස් දක්වමින්, “එක් අතකින් සුභ ආරංචියක්. මොකද රෝගය ඉතා වේගයෙන් ගමන් කර නැහැ. නමුත් සමහර රටවල ආසාදිතයන් වැඩිවීම ගැන අවධානය යොමුකළ යුතුයි.” සඳහන් කළේය.

රයන් පැවසුවේ අප්‍රිකාව තුළ “බොහෝ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්” ඇති බවත්, එම කණ්ඩායම් වෙත කොරෝනා වෛරසයේ බලපෑම තවමත් දැකගත නොහැකි බවත්ය.

“මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට මෙයින් ඇති වන බලපෑම කුමක්දැයි අප දන්නේ නැහැ. තදබදයෙන් පෙළෙන සරණාගත කඳවුරුවලට මෙයින් ඇති වන බලපෑම කුමක්දැයි අප දන්නේ නැහැ. ඉතින්, තව බොහෝ දේ ඉගෙන ගත යුතුව තිබෙනවා” යැයි ඔහු පැවසීය.

Related posts

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…

Admin

“මත්පැන් පානය කරන, ලිංගිකව හැසිරෙන” කාන්තාවන් ගැන බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව කළඹයි

colombotoday

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday